එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතිසංස්කරණය කිරීමට බ්‍රිතාන්‍යයෙන් යළිත් ඉල්ලීම්

එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතිසංස්කරණය කිරීමට බ්‍රිතාන්‍යයෙන් යළිත් ඉල්ලීම්

එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන සිය ඉල්ලීම බ්‍රිතාන්‍ය රජය විසින් යළි අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබාගැනීම සඳහා ඉන්දියාව ගනු ලබන උත්සාහයට සහය දක්වන බවයි බ්‍රිතාන්‍ය රජය පවසා ඇත්තේ.

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි ඉකුත්දා පවසා තිබුණේ අන්තර් ජාතික වශයෙන් ප්‍රමුඛතා පහක් ඇති බවයි.

පළමුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ප්‍රතිසංස්කරණය කිරීම වැදගත් බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම ආරක්ෂක කවුන්සිලයේ අප්‍රිකානු නියෝජනය සහ ස්ථිර සාමාජිකත්වය ඉන්දියාව, බ්‍රසීලය, ජර්මනිය සහ ජපානය දක්වා ව්‍යාප්ත වනු දැකීම බ්‍රිතාන්‍යයේ අරමුණ බව ද ඔහු සඳහන් කර තිබෙනවා

Share This