එක්සත් ජාතීන්ගේ සමුළුව ගෝලීය ජල අර්බුදයට විසඳුම් සොයයි

එක්සත් ජාතීන්ගේ සමුළුව ගෝලීය ජල අර්බුදයට විසඳුම් සොයයි

ස්වභාවික ජල සම්පත විනාශ කරමින් සිදුවන ජල දුෂණයට සහ වැරදි කළමනාකරණයට පිළියම් සෙවීමට එක්සත් ජාතීන්ගේ සමුළුව රැස්වී තිබෙනවා.

සියලුම මිනිසුන්ට ආරක්ෂිත ජලය සහ සනීපාරක්ෂාව සඳහා ජල ප්‍රවේශය සහතික කිරීම යන තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා සමුළුව රැස්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres අවධාරණය කළේ ජලය මානව අයිතිවාසිකමක් වන අතර වඩා හොඳ ගෝලීය අනාගතයක් හැඩගැස්වීම සඳහා ජල සම්පත අත්‍යවශ්‍ය වන බවයි.

කෙසේ වෙතත් මේ වනවිට ජල සම්පත විනාශ වෙමින් පවතින්නේ මිනිසුන් විසින් ජල චක්‍රය බිඳදමා පරිසර පද්ධති විනාශ කරමින් භූගත ජලය දූෂණය කරඇති නිසා බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

සියලුම රජයන් ජල සංරක්ෂණය ප්‍රවර්ධනය කලයුතු අතර ජනතාවට ජල ප්‍රවේශය ලබාදෙන සැලසුම් සකස් කර ක්‍රියාත්මක කළ යුතු වනවා. මෙම වටිනා සම්පත ඒකාබද්ධව කළමනාකරණය කිරීමට සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බවයි සමුළුවේදී අවධාරණය කර ඇත්තේ.

ලෝකයේ තිරසාරභාවය සඳහා ජලයේ වැදගත්කම හඳුනාගෙන, සාමය සහ ජාත්‍යන්තර සහයෝගීතාවය පෝෂණය කිරීමේ මෙවලමක් ලෙස සාමාජික රටවලට සහ ජාත්‍යන්තර ප්‍රජාවට මෙම සමුළුව මෙහෙවරක් විය යුතු බව මහලේකම්වරයා සමුළුව අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කළා

Share This