එක්සත් රාජධානියට සංක්‍රමණය වීම සීමා කිරීම පිළිබඳව ප්‍රගතියක් ලබා ඇති බවට අගමැති රිෂි සුනක්ගෙන් ප්‍රකාශයක්

එක්සත් රාජධානියට සංක්‍රමණය වීම සීමා කිරීම පිළිබඳව ප්‍රගතියක් ලබා ඇති බවට අගමැති රිෂි සුනක්ගෙන් ප්‍රකාශයක්

එක්සත් රාජධානියට සංක්‍රමණය වීම සීමා කිරීම සම්බන්ධයෙන් තම රජය ප්‍රගතියක් ලබා ඇති බව අගමැති රිෂි සුනක් ප්‍රකාශ කර තිබෙනවා

අවසරයකින් තොරව පැමිණෙන පුද්ගලයින් සංඛ්‍යාව අඩු කිරීම සහ සරණාගත විමර්ශන ගැටලු ගොඩගැසී ඇති බවද සඳහන් කරමිනුයි ඔහු මේ බව පෙන්වා දෙන්නේ.

සංක්‍රමණිකයන් සංඛ්‍යාව පසුගිය වසරේ 36% කින් පහත වැටී ඇති අතර එය අවම වශයෙන් වසර පහක පළමුවරට අඩුවීමක් බවයි පැවසෙන්නේ

රජය සරණාගත නඩු ප්‍රමාණය අඩු කිරීම සඳහා 112,000 කින් 24,000 ක් පමණ ඉවත් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

සමස්තයක් වශයෙන් ගත් කල, ස්වදේශ කටයුතු කාර්යාලයේ දත්තවලට අනුව, පසුගිය වසරේ කුඩා බෝට්ටුවලින් පුද්ගලයන් 29,400 කට වැඩි පිරිසක් එක්සත් රාජධානියට පැමිණ ඇති අතර, එය 2022 වසරේ දී 45,700 කට වඩා වැඩි සංඛ්‍යාවක් වූ වාර්තාවට වඩා පහත වැටී තිබෙනවා .

Share This