එක්සත් රාජධානියේ උද්ධමනයත් ඉහළට

එක්සත් රාජධානියේ උද්ධමනයත් ඉහළට

එක්සත් රාජධානියේ උද්ධමනය අනපේක්ෂිත ලෙස ඉහළ යමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එරට පාරිභෝගික මිල දර්ශකය අනුව පෙබරවාරි මාසයේ දී උද්ධමනය 10.4 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එක්සත් රාජධානියේ පොලී අනුපාත ඉහළ නැංවීම ද සිදුවිය හැකි බව සඳහන්.

අධික බලශක්ති පිරිවැය සහ යුරෝපයේ ඇතැම් ප්‍රදේශවලට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් එළවළු සහ ආහාර වර්ගවල පවතින හිඟතාවය ද එක්සත් රාජධානියේ උද්ධමනය ඉහළ යාමට හේතු වී තිබෙනවා.

ඒ අනුව භාණ්ඩ හා සේවා සඳහා පනවා ඇති බදු ප්‍රමාණය ද ඉහළ යමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Share This