එක්සත් රාජධානියේ පාසලක සිදු වූ ගැටුමකදී මිටියකින් පහරදී තිදෙනෙකුට තුවාල

එක්සත් රාජධානියේ පාසලක සිදු වූ ගැටුමකදී මිටියකින් පහරදී තිදෙනෙකුට තුවාල

එක්සත් රාජධානියේ නේවාසික පුද්ගලික පාසලක් වන Blundell’s හි ශිෂ්‍යයන් දෙදෙනෙකු අතර සිදු වූ ගැටුමකදී එක සිසුවෙක් අනෙක් සිසුවාට මිටියකින් පහරදී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පහරකෑමට ලක්වූ සිසුවා බරපතල තුවාල ලබා මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

ගැටුම නැවතීමට උත්සහ කළ පාසලේ තවත් සිසුවෙකු හා කාර්ය මණ්ඩලයේ සමජිකයෙකුද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අලුයම 01 ට පමණ පාසල් භුමිය තුළ ගැටුම සිදුව ඇති අතර එම ස්ථානයේ තිබී ආයුධ කිහිපයක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

පහරදීම් සම්බන්ධයෙන් ටිවර්ටන් ප්‍රදේශයේ 16 හැවිරිදි පිරිමි ළමයෙකු බරපතල තුවාල සිදුකිරීමේ චෝදනා තුනක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගැටුමට හේතු වූයේ කුමක්ද හෝ පාසල් නේවාසිකාගාරය තුළ මිටියක් තබාගෙන සිටියේ ඇයි කාරණය තවමත් සොයාගෙන නොමැති අතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Blundell පුද්ගලික පාසලේ නේවාසිකයෙකු සඳහා වසරකට පවුම් 41,325 ක ගාස්තුවක් අය කරනු ලබනවා.

පිරිමි ළමයින් 360 ක් සහ ගැහැණු ළමයින් 225ක් සිටින මෙම පාසල 2022 දී බ්‍රිතාන්‍යයේ හොඳම පෞද්ගලික පාසල් ලැයිස්තුවටද ඇතුළත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This