“එක්සත් රාජධානිය ඔබ සමග සිටිනවා” – රිෂි සුනක් ඊශ්‍රායලයට පවසයි

“එක්සත් රාජධානිය ඔබ සමග සිටිනවා” – රිෂි සුනක් ඊශ්‍රායලයට පවසයි

එක්සත් රාජධානියේ අගමැති රිෂි සුනක් මේ වනවිට ඊශ්‍රායලයට පැමිණ සිටිනවා

ඊශ්‍රායලයට පැමිණීමෙන් පසු, රිෂි සුනක් ටෙල් අවිව් ගුවන් තොටුපළේදී වාර්තාකරුවන්ට පැවසුවේ ඔක්තෝබර් 7 වන දින එල්ල වූ හමාස් ප්‍රහාරය කිව නොහැකි, බිහිසුණු ත්‍රස්තවාදී ක්‍රියාවක් බවයි

එමෙන්ම එක්සත් රාජධානිය ඊශ්‍රායලය සමග සිටින බවත් ඔහු නැවත අවධාරණය කරනවා .

ඊශ්‍රායල අගමැති සහ ජනාධිපතිවරයා සමග පැවැත්වෙන රැස්වීම් ඵලදායී වනු ඇති බවයි ඔහු පවසන්නේ

රිෂි සුනක් අග්‍රාමාත්‍යවරයා ඊශ්‍රායලයේ දින දෙකක සංචාරයක් සඳහා පැමිණ සිටින අතර, එම කාලය තුළ ඔහු වෙනත් රටවල සංචාරය කිරීමට ද අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

රිෂි සුනක් හමාස්ගේ කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ සිදු වූ බිහිසුණු ජීවිත හානි පිළිබඳව සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා

හැකි ඉක්මනින් සිරවී සිටින බ්‍රිතාන්‍ය ජාතිකයින්ට පිටව යාමට හැකි වන ලෙසටත් ගාසා තීරයට මානුෂීය ආධාර ඇතුළු වීමට මාර්ගයක් විවෘත කිරීමට ඉල්ලා සිටීමටත් අග්‍රාමාත්‍යවරයා බලපෑම් කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ .

Share This