එක්සත් රාජධානිය බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක බෝම්බ බියක්- ආරක්ෂිතව ගොඩ බස්සවයි

එක්සත් රාජධානිය බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක බෝම්බ බියක්- ආරක්ෂිතව ගොඩ බස්සවයි

පෝලන්තයේ සිට එක්සත් රාජධානිය බලා පියාසර කරමින් තිබූ EasyJet ගුවන් යානයක් බෝම්බයක් ඇති බවට වාර්තා වීමත් සමග චෙක් ජනරජය වෙත හරවා යවා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ක්‍රකොව් සිට බ්‍රිස්ටල් බලා පියාසර කළ ගුවන් යානය ඊයේ (04) සවස ප්‍රාග් ගුවන් තොටුපළ වෙත හරවා යැවීමෙන් පසු ආරක්ෂිතව ගොඩබස්වා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

පරීක්ෂණ සඳහා නිලධාරීන් එම ස්ථානයට පැමිණි ඇති බවත් බෝම්බයක් නොතිබූ බවත් චෙක් ජනරජයේ පොලිසිය පවසා තිබෙනවා

මගීන්ගේ ආරක්ෂාව සහ යළි ගුවන් ගමන ආරම්භ කිරීමට සහතික කිරීම සඳහා වන සියලුම ක්‍රියාමාර්ග චෙක් ජනරජයේ පොලිසිය විසින් සිදු කරනු ලැබූ බවත් විදෙස් මාධ්‍ය පවසනවා

Share This