එක්සත් රාජධානිය සහ ඩෙන්මාර්කය අතර අධි-වෝල්ටීයතාවයකින් යුත් විදුලි සැපයුමක්

එක්සත් රාජධානිය සහ ඩෙන්මාර්කය අතර අධි-වෝල්ටීයතාවයකින් යුත් විදුලි සැපයුමක්

පළමුවරට ඩෙන්මාර්කය සහ එක්සත් රාජධානිය අතර විදුලි සැපයුමක් සම්බන්ධ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කිලෝ මීටර් 765කින් යුත් අධි-වෝල්ටීයතා Viking Link කේබලය ඩෙන්මාර්කයේ Jutland සහ Lincolnshire හි Bicker Fen හා සම්බන්ධ වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් පසු එක්සත් රාජධානියේ නිවාස මිලියන 1.4 ක ප්‍රමාණයක් දක්වා බල ගැන්වීමට ප්‍රමාණවත් හරිත විදුලියක් දෙරටට බෙදා ගැනීමට හැකි වනු ඇතැයිද බලධාරීන් විශ්වාසය පළ කර තිබෙනවා

Viking Link හි ඉදිකිරීම් 2019 දී ආරම්භ වූ අතර එය වසර අවසානය වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරෙන බවයි පැවසෙන්නේ

Share This