
එක් කෝටි පනස් ලක්ෂයක දුම් වැටි සහ රූපලාවන්‍ය තොගයක් කටුනායක ගුවන් තොටේදී අල්ලයි
රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි , විද්‍යුත් දුම්වැටි , සම සුදු පැහැ ගන්වන ආලේපන සහ එන්නන් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී ඊයේ (30) රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ බවයි රේගු නිලධාරීන් පැවසුවේ.
අත් අඩංගුවට ගත් සිව් දෙනා වයස අවුරුදු 23 සහ 25 අතර සීමාවේ පසුවන්නන් වන අතර ඔවුන් අතරින් දෙදෙනෙකු කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී තිබෙනවා.
අනෙක් දෙදෙනා කොළඹ , බොරැල්ල ප්‍රදේශයේ සහ සයින්දමරදු ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි රේගු නිලධාරීන් පැවසුවේ.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 08 ක් තුළ ” එසෙ” ( Esse ) , “ප්ලැටිනම්” ( Platinum ) සහ ” මැන්චෙස්ටර් ” ( Manchester ) යන වර්ග වල දුම්වැටි 58,400 ක් අඩංගු කාටූන් 292 ක් , විද්‍යුත් දුම්වැටි 100 ක් , සම සුදු පැහැ ගන්වන ආලේපන සහ එන්නන් විශාල තොගයක් ද වන බව රේගු නිලධාරීන් පැවසුවා.