
එක් කෝටි හැට අට ලක්ෂ හතලිස් දහසක ” කුෂ්” සහ ” හෂීෂ්” ගුවන්තොටුපලේ වැසිකිලියක
රුපියල් එක් කෝටි හැට අට ලක්ෂ හතලිස් දහසක් වටිනා ” කුෂ්” සහ ” හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ගමන් මලු පිරිමි වැසිකිළිය තුළ දමා ගොස් තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඊයේ(20) සොයාගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ පැවසුවේ මෙහි ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 422 ක් සහ ” හෂීෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 262 ක් වෙන වෙනම අසුරා තිබූ බවයි.
මෙම වැසිකිළියෙහි සේවය කළ සේවකයකු දැක , ඒ පිළිබද මුළින්ම කටුනායක ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණා.
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් දැනුවත් කර මෙම මත්ද්‍රව්‍ය තොගය ඔවුන් භාරයට ගෙන ඇත්තේ ඉන් අනතුරුවයි.
