එක් රැයකින් කෝටිපතියෙකු වූ මාළු වෙළෙන්දා

එක් රැයකින් කෝටිපතියෙකු වූ මාළු වෙළෙන්දා

පාකිස්ථානයේ කරච්චි හි ධීවරයෙකු දුර්ලභ ගණයේ මත්ස්‍ය තොගයක් අලෙවි කිරීමෙන් කෝටිපතියෙකු බවට පත් වී තිබෙනවා.

දරිද්‍රතාවයෙන් පෙළෙන Ibrahim Hyderi නමැති එම ධීවරයා තම සහයකන් සමග අරාබි මුහුදෙන් “Sowa” ලෙස හඳුන්වන මාළු විශේෂයක් අල්ලාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව එම මසුන් අලෙවි කිරීම සඳහා වූ වෙන්දේසියේ දී පාකිස්ථාන රුපියල් මිලියන 70කට මත්ස්‍ය තොගය අලෙවි කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා.

“Sowa” නමැති මත්ස්‍ය විශේෂය දුර්ලභ මෙන්ම මිල කළ නොහැකි වන අතර ඒවා ඖෂධීය ගුණ රැසකින් සමන්විත වන බවයි සැළකෙන්නේ.

කිලෝග්‍රෑම් 20ත් 40ත් අතර බරකින් යුක්ත වන එම මසුන් මීටර් 1.5ක් දක්වා වර්ධනය වන බව සඳහන්.

එමෙන්ම නැගෙනහිර ආසියාතික රටවලින් “Sowa” මත්ස්‍ය විශේෂයට වැඩි ඉල්ලුමක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම වර්ගයේ එක් මත්ස්‍යයෙකු පමණක් පාකිස්ථාන රුපියල් මිලියන 7ක පමණ මුදලකට අලෙවි වන අවස්ථා ද පවතින බව සඳහන්.

“Sowa” නමැති මත්ස්‍ය විශේෂය අලෙවි කර කෝටිපතියෙකු බවට පත් වූ ධීවරයා ප්‍රකාශ කර ඇත්තේ ලැබුණු මුදල් සිය සහයකයින් සමග බෙදාගන්නා බවයි.

Share This