‘එක රටක් එක නීතියක්’ කාර්ය සාධක බලකාය මධ්‍යම පළාතේ අදහස් විමසීම ආරම්භයි (වීඩියෝ)
“එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය මධ්‍යම පළාතේ ජනතාවගෙන් අදහස් විමසීම ආරම්භ කර තිබෙනවා.
ඊයේ (25) පෙරවරුවේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හා පස්වරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි පළාතේ ආගමික නායකයෝ, ස්වෙච්ඡා සංවිධාන, වෘත්තීයවේදීහු මෙන්ම සාමාන්‍ය ජනතාව කමිටුව හමුවේ අදහස් පළ සිටි බවයි ජනධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
පැමිණි පිරිසට ස්තූතිය පළ කළ කමිටුවේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙම කාර්යය පිළිබඳ ජනාධිපතිතුමාගේ ඇති උනන්දුව තේරුම් ගෙන ඇති බැවින් නියමිත කාලසීමාවට පෙර කමිටු වාර්තාව භාරදීමට අපේක්ෂා කරන බව පැවසුවා.
යම් කාලයක් ගත වුවද සියලු ජන කොටස් වලට සාධාරණය ඉටු වන සහ සියලු දෙනාට එකඟ විය හැකි යෝජනා මාලාවක් ඉදිරිපත් කිරීමට කැප වන බව උන්වහන්සේ අවධාරණය කළා.
අද (26) සහ හෙට (27) දෙදින තුළ ද මධ්‍යම පළාතේ ජනතාවගෙන් අදහස් ලබා ගැනීම තවදුරටත් සිදු කෙරෙනවා.
මේ අතර එම ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදුටුවා.