
එන්ජිමේ ගින්නකින් පසුව බෝයිං ගුවන් යානයක් ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපළට ගොඩ බස්වයි
මෙය ඩෙල්ටා ගුවන් සේවයේ ගුවන් යානයක් ගුවන්ගත වීමේදී එක් එන්ජිමක ගින්නක් ඇතිවීමෙන් පසු ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපළට ආපසු ගොඩබස්වා තිබෙනවා.
ලොස් ඇන්ජලීස් ගුවන් තොටුපළට ඉහළින් බෝයිං 767-400 ගුවන් යානයක් ගමන් කිරීමේදී වම් එන්ජිමෙන් ගින්නක් මතුවන ආකාරය වීඩියෝ දර්ශනවල දැක් වෙනවා.
ඇට්ලන්ටා බලා යමින් සිටි යානය පසුව ධාවන පථයට ආරක්ෂිතව ගොඩ බැස්වීමට එහි නියමුවන් කටයුතු කළා.
ගුවන් සේවා ප්‍රකාශකයෙක් බීබීසී වෙත පවසා ඇත්තේ “ඩෙල්ටා ගුවන් යානය පිටත්වීමෙන් ටික වේලාවකට පසු ලොස් ඇන්ජලීස් වෙත ආපසු පැමිණියේ ගුවන් යානයේ වම් එන්ජිමේ ගැටලුවක් ඇති බවට ඇඟවීමක් ලැබීමෙන් පසුව,” බවයි.