එන්නත් ලබා නොගතහොත් තත්ත්වය දරුණුවේවි – විශේෂඥ වෛද්‍යවරු අනතුරු අඟවයි (වීඩියෝ)
ජනතාව නිසි පරිදි එන්නත් ලබා නොගතහොත් කොවිඩ් 19 වෛරසය පැතිරයාම ශීඝ්‍ර විය හැකි බවට ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා පැවසුවේ විකෘති ප්රභේදයන් ඇතිවීමට ද එය හේතු වන බවයි.
කොවිඩ් 19 මෙරට තුළ පැතිරීම වැළැක්වීම සඳහා එන්නත්කරණ වැඩපිළිවෙළ මුළු දිවයිනට ආවරණය වන පරිදි මේ වන විට ක්‍රියාත්මක වනවා.
එන්නත් වර්ග 05ක් මේ වන විට ඒ සඳහා යොදාගෙන ඇති අතර වයස අවුරුදු 20 ට වැඩි සියලු දෙනාට තුන්වන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබාදීම ද මේ වන විට සිදු වනවා.
ඒ සඳහා යොදා ගැණෙන්නේ ෆයිසර් එන්නතයි.