එන්නත ලබා ගැනීම මන්දගාමී නම් යළිත් කොවිඩ් පොකුරු ඇති වීමේ අවදානමක් (වීඩියෝ)
කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීම තව දුරටත් මන්දගාමී වුවහොත් නැවතත් රට තුළ කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ හැකියාව පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
මේ අතර තවත් නොබෝ දිනකින් වයස අවුරුදු 16ත් 19ත් අතර කාණ්ඩය සඳහා කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.