
එස්.එම්.රංජිත් ගේ ඇප අයදුම්පත සලකා බැලීම නොවැම්බර් 28 දා
තමන්ට හිමිව ඇති දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා, දූෂණ චෝදනාවකට වරකකරු වී සිර දඬුවම් විදින එස්.එම්. රංජිත් උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලීමට කොළඹ මහාධිකරණය දින නියම කර තිබෙනවා.
ඔහු එම ඇප ඉල්ලීම සිදු කර ඇත්තේ තමන්ට නියමවී ඇති බරපතල වැඩ සහිත වසර16ක සිර දඬුවමට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කරමින්.
2012 වසරේ සැප්තැම්බර් 27 වැනිදා සහ 2014 වසරේ දෙසැම්බර් 31 වැනිදා අතර කාලසීමාව තුළ උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස එස්.එම්. රංජිත් කටයුතු කරමින්, සිය ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන නමැත්තියට වැටුප සමඟ ඉන්ධන දීමනාවක් ලබාදී තිබියදී නීති විරෝධී ලෙස ඉන්ධන ඇනවුම්පත් මඟින් රුපියල් ලක්‍ෂ 26කට අධික මුදලක් ඉන්ධන සඳහා ලබා ගැනීමට ඇය පෙළඹවීම ඇතුළු චෝදනා 6ක් ඔහුට එල්ල වී තිබුණා.
කොළඹ මහාධිකරණය නියෝග කළේ නොවැම්බර් 28 වැනිදා අදාළ ඇප ඉල්ලීම කැඳවන ලෙසයි.
