
එ.ජා.ප. 79 වන සංවත්සරය සැප්. 21
එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සැප්තැම්බර් 21 වැනිදා පැවැත් වෙන බව එඅම පක්ෂය පවසනවා.
සැප්තැම්බර් 06 වැනිදා පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබූ සංවත්සර උත්සවය කල් දැමීමට ඊයේ(02) කොළඹදී රැස්වූ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව තීරණය කළ බව එජාප මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවැසුවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී තිබෙන වෛද්‍ය උපදෙස් සහ කළමනාකරණ කමිටු සාමාජිකයන්ගේ ඉල්ලීම මත මේ තීරණයට එළඹිනැයිද එජාප මහ ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවා.
