
එ.ජා. මානව හිමිකම් මහා කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව එළි දකී
ලබන 08 වැනිදා ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහා මණ්ඩලයේ 60 වන සැසිවාරය සඳහා ගොනු කර තිබෙන ශ්‍රී ලංකාව පිළිබඳ මහා කොමසාරිස්වරයාගේ වාර්තාව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ මෙරට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා යුද්ධය අතරතුර සිදු කරන ලද බව පැවසෙන බරපතල අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් කරුණු සදහන්.
එක්සත් ජාතීන්ගේ 60 වැනි මානව හිමිකම් සැසිවාරය ලබන 08 වැනිදා ස්විස්ටර්ලන්තයේ ජීනීවා නුවරදී ආරම්භ වනවා.
එහිදී ඉදිරිපත් කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ මහා කොමසාරිස්වරයාගේ වාර්තාව ප්‍රකාශයට පත් කෙරුණා.
ඒ අනුව එම වාර්තාවේ මෙලෙස දක්වා තිබෙනවා.
ශ්‍රී ලංකාව පුරා ප්‍රජාවන්ගෙන් ලැබුණු ඓතිහාසික අවස්ථාවක් සහ පැහැදිලි ජනවරමක් නව රජයට ලැබී ඇති අතර, තිරසාර සාමය සඳහා අඩිතාලම දමමින් පරිවර්තනීය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සහ සත්‍යය සහ යුක්තිය ඉටු කිරීමට ඔවුන්ට හැකි වී තිබෙනවා.
ඒ සමගම රටේ ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම්වලට අනුකූල වන මූලික ව්‍යවස්ථාමය, නෛතික සහ ආයතනික ප්‍රතිසංස්කරණ සිදු කිරීම, පරිවර්තනීය වෙනස්කම් ඇති කිරීම සඳහා අත්‍යවශ්‍ය වනවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම, දූෂණය මැඩපැවැත්වීම, ස්වාධීන රාජ්‍යයක් ස්ථාපිත කිරීම ඇතුළු දුරදිග යන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට සහ දිගුකාලීන මානව හිමිකම් ගැටළු කිහිපයක් විසඳීමට නව රජය පොරොන්දු වි තිබෙනවා.
යුද්ධය අතරතුර සිදු කරන ලද පැවසෙන බරපතල අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීම අවශ්‍ය බවත් ,එය නීතියේ ආධිපත්‍ය කෙරෙහි විශ්වාසය යළි ස්ථාපිත කිරීමට උපකාරී වන බවත් එම වාර්තාවේ සදහන්.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට රජය පොරොන්දු වුවද, එය අඛණ්ඩව භාවිතා කිරීම තවදුරටත් අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ චෝදනාවක් හෝ නඩු විභාගයකින් තොරව දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට හේතු වී තිබෙනවා බවත් එහි සදහන්.
එමෙන්ම යුද්ධය අවසන් වී වසර දහසයකට පසුවත්, අර්ථවත් හා පුළුල් ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණයක් තවමත් සිදු වී නොමැති අතර එහි ප්‍රතිඵලයක් ලෙස, විශේෂයෙන් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලට ඇත්තේ මධ්‍යම රජයේ අවම අධීක්ෂණයක් හෝ මඟ පෙන්වීමක් බව ද එහි දක්වා තිබෙනවා.
ශ්‍රී ලංකා රජය විසින් රාජ්‍යයෙහි වගකීම සහ හමුදාවේ අනෙකුත් ආරක්ෂක අංශවල බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිගැනීමට වසර ගණනාවක් පුරා අසමත්ව තිබීම සහ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ අය ඉවත් කිරීමට ක්‍රියාමාර්ග ගැනීම සහ මානව හිමිකම් ප්‍රමිතීන්ට දැඩි අනුකුලවීම සහතික කරන මෙහෙයුම් වෙනුවෙන් අධිකරණ රාමුවක් සහිතව ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ සිදුකල යුතු බවත් ශ්‍රී ලංකාව පිළිබඳ මහා කොමසාරිස්වරයාගේ වාර්තාවේ දැක්වෙනවා.
අතුරුදන්වූවන් පිළිබද කාර්යාලයේ අපක්ෂපාතිත්වය සහතික කිරීම සහ එහි විශ්වසනීයත්වය ගොඩනැගීම සදහා ජාත්‍යන්තර සහය ලබාගැනීමේ අවශ්‍යතාවය පිළිබදවද එම වාර්තාවෙන් පැහැදිලි කර තිබෙනවා.
ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ රෝම ප්‍රඥප්තියට එකඟ වීමෙන්, හමුදාව විසින් අත්පත් කරගෙන ඇති ඉඩම් නිදහස් කිරීම, නව ඉඩම් අත්පත් කර ගැනීම නතර කිරීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සියලුම දිගුකාලීන රැඳවියන් නිදහස් කිරීම ආදී කරුණු කෙරෙහිද මෙහි සදහන් කර තිබෙනවා.
මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරය සැප්තැම්බර් මස 8 වැනිදා සිට ඔක්තෝබර් මස 3 වැනිදා දක්වා පැවැත්වෙනවා.
60 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඊට සහභාගී වීමට නියමිතයි.