
ඓතිහාසික දීඝවාපී මහා සෑ ගර්භයේ සර්වඥ ධාතුන් සහ නිධන් වස්තු තැන්පත් කිරීමට එක්වූ ජනපති
ඓතිහාසික දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයේ සර්වඥ ධාතූන් සහ නිධන් වස්තු තැන්පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් අද (14) සිදු කෙරුණා
ශ්‍රී ලංකාවේ පවතින විශාලතම මහා දාගැබ් අතරින් සිව්වන ස්ථානයේ පවතින දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු 2020 වසරේ ආරක්ෂක අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ආරම්භ කරන ලද අතර, සොළොස්මස්ථාන අතරින් ප්‍රතිසංස්කරණය කළ යුතුව තිබූ අවසන් චෛත්‍යය මෙය වීම විශේෂත්වයක්
හේවිසි පූජා මධ්‍යයේ ප්‍රධාන කරඬුව තුළ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමෙන් අනතුරුව එම සර්වඥ ධාතූන් වහන්සේලා රැගත් කරඬු වහන්සේලා සහ නිධන් වස්තු අලංකාර පෙරහැරකින් දීඝවාපි චෛත්‍යරාජයාණන්ගේ ධාතු ගර්භය වෙත වැඩම කරවීම මෙහිදී සිදු කෙරුණා
ඉන් අනතුරුව මහා සංඝරත්නයේ ආශිර්වාද හා සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ ඓතිහාසික දීඝවාපි මහා සෑයේ ධාතු ගර්භයෙහි සර්වඥ ධාතූන් වහන්සේලා සහ පූජනීය නිධන් වස්තු තැන්පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අතින් සිදු කළා
මේ අතර දීඝවාපි පුදබිමේ අභිනවයෙන් ඉදි කරන ලද ධාතු මන්දිරය, දුර බැහැර සිට දීඝවාපිය වෙත පැමිණෙන ජනතාව වෙත නවාතැන් පහසුකම් සැලසීමේ අරමුණින් ඉදිකළ සුවිසල් කාමර 20 කින් හා විශාල ප්‍රමාණයේ ශාලා 4කින් සමන්විත ‘අති පූජ්‍ය දරණාගම කුසලධම්ම නා හිමි අනුස්මරණ සන්ථාගාර ශාලාව’ සහ දාන ශාලාව විවෘත කිරීම ද මෙහිදී සිදු කෙරුණා
මේ අතර දීඝවාපී මහා සෑ ගර්භයේ සර්වඥ ධාතුන් සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ පින්කමට ලයිකා සමාගමේ සභාපති ආචාර්ය අලිරාජා සුභාස්කරන් මහතාගේ මගපෙන්වීම යටතේ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය මාධ්‍ය දායකත්වය ලබා දුන්නා