
ඔක්ටේන් 100 පෙට්‍රල් වෙළෙඳපොළට අද සිට
ලංකා IOC සමාගම විසින් ඔක්ටේන් 100 පෙට්‍රල් වෙළෙඳපොළට අද (02) සිට නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මේ අතර ලංකා IOC සමාගමේ ප්‍රධානීන් පිරිසක් තමා සමග සාකච්ඡා කළ අතර ඒ අනුව ඔවුන්ගේ ඉන්ධනහල් ව්‍යාප්ත කිරීමේ සැලසුම, ලිහිසි තෙල් වෙළෙඳපොළ, තෙල් ටැංකි සංකීර්ණය දියුණු කිරීම, ඉන්ධන මිල සූත්‍රය සහ යෝජිත ඉන්දීය – ශ්‍රී ලංකා ඉන්ධන නළ මාර්ගය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.