ඔක්සිජන් නැහැ – ළදරුවන් සහ රෝගීන් දැනටමත් මිය ගිහින් – අල්-ෂිෆාහි වෛද්‍යවරයා තහවුරු කරයි

ඔක්සිජන් නැහැ – ළදරුවන් සහ රෝගීන් දැනටමත් මිය ගිහින් – අල්-ෂිෆාහි වෛද්‍යවරයා තහවුරු කරයි

අල්-ෂිෆා රෝහලේ කළමනාකරු වෛද්‍ය මොහොමඩ් අබු සෙල්මියා පසුගිය දින කිහිපය තුළ පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් ඇති බව BBC පුවත් සේවයට පවසා තිබෙනවා

ඔක්සිජන් නොමැතිකම හේතුවෙන් නොමේරූ ළදරුවන් තිදෙනෙකු සහ පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් ඇති බවයි ඔහු පවසන්නේ

ප්‍රතිකාරය තවදුරටත් ලබා ගත නොහැකි බැවින් dialysis කිරීමට අවශ්‍ය තවත් රෝගීන් කිහිප දෙනෙකු ඉදිරි දින කිහිපය තුළ මිය යාමේ අවදානමක් ඇති බවද සඳහන්

රෝහලේ ඉන්ධන සහ අනෙකුත් සම්පත් හිඟ බවත් තුවාල ලැබූ රෝගීන් සංඛ්‍යාව 600කට අධික බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

වෛද්‍ය මොහොමඩ් අබු සෙල්මියා වැඩිදුරටත් පැවසුවේ සිරුරු භූමදානය කිරීමට උත්සාහ කිරීම සහ සම්බන්ධීකරණය කිරීම සඳහා රෝහල රතු කුරුස සංවිධානය සමග සම්බන්ධ වී ඇති නමුත් එය දැනට කළ නොහැකි බව දන්වා ඇති බවත්ය .

 

Share This