ඔඩිෂා දුම්රිය අනතුර නිසා එක්දින රාජ්‍ය ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරයි

ඔඩිෂා දුම්රිය අනතුර නිසා එක්දින රාජ්‍ය ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරයි

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුර හේතුවෙන් එක්දින රාජ්‍ය ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔඩිෂා ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය Naveen Patnaik විසින් එම ශෝක කාලය ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෑතකාලීනව ඉන්දියාවේ සිදු වූ මාරාන්තිකම අනතුර ලෙස මෙය සැළකෙනවා.

ෂලිමාර් සිට චෙන්නායි දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක්, භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් එම අනතුර සිදුව තිබුණා.

ඔඩිෂා දුම්රිය අනතුරින් මියගිය ගණන 238 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර 650 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

මෙම අනතුර හේතුවෙන් ඔඩිෂා ප්‍රාන්තයේ දුම්රිය ගමන් වාර 48ක් අවලංගු කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් ශෝකය පළ කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මියගිය අයගේ පවුල් වෙත ඉන්දීය රුපියල් ලක්ෂ 2ක් සහ තුවාල ලැබූවන් සඳහා ඉන්දීය රුපියල් 50,000ක් අගමැති ජාතික සහන අරමුදලෙන් ලබාදෙන බවයි ප්‍රකාශ කර ඇත්තේ.

Share This