ඔඩීෂා දුම්රිය අනතුරට හේතුව හෙළි වෙයි

ඔඩීෂා දුම්රිය අනතුරට හේතුව හෙළි වෙයි

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ සිදු වූ දුම්රිය අනතුරට හේතුව සංඥා දෝෂයක් බව එරට දුම්රිය අමාත්‍ය Ashwini Vaishnaw පවසනවා.

එමෙන්ම අමාත්‍යවරයා පවසා ඇත්තේ අනතුරට වගකිව යුතු පුද්ගලයින් හඳුනාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරියේ දී නිකුත් කරන බවයි.

අනතුරෙන් මියගිය සංඛ්‍යාව 275 ක් වන අතර තුවාල ලැබූවන් 1175ක් රෝහල් ගත කර තිබුණා

ඒ අනුව රෝහල් ගත කළ පිරිසෙන් 793ක් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව සඳහන්.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ (03) අනතුර සිදුවූ ස්ථානයට ගොස් වැරදිකරුවන් වන ඕනෑම අයෙකුට දැඩි දඬුවම් ලබා දෙන බවට පොරොන්දු වී තිබෙනවා

Share This