ඔන්ලයින් ණය මාෆියාවට ගොදුරක් වූ සියලු දෙනාට  විපක්ෂ නායක ගෙන් නීතිඥයින් නොමිලේ

ඔන්ලයින් ණය මාෆියාවට ගොදුරක් වූ සියලු දෙනාට විපක්ෂ නායක ගෙන් නීතිඥයින් නොමිලේ

සමගි ජන බලවේගයේ නීතිඥයන් වෙන් කර මේ රටේ ඔන්ලයින් ණය මාෆියාවට ගොදුරක් වූ සියලුම පුරවැසියන්ට ජාතික ජන බලවේගයේ නීතිඥයන් වෙන් කර නොමිලේ නීති සේවා ලබාදීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ මහතා පවසන්නේ මූල්‍ය වශයෙන් අර්බුදකාරී රටවල් තෝරා විදේශීය කණ්ඩායම්වලින් යුත් ඔන්ලයින් ණය මාෆියාව හරහා රටේ ජනතාව ගොදුරු කර ගෙන ඇති බවයි.

ඔන්ලයින් ණය මාෆියාව තුළින් අගතියට පත් පුද්ගලයන්ගෙන් යුත් සංවිධානයක් වන රට සමග අපි එකට සංවිධානය සමග පැවැති සාකච්ඡාවකදී විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළා.

මෙම සාකච්ඡාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ක්‍රියාත්මක කරන Citizen voice වැඩසටහනට සමගාමීව පැවැත් වුණා.

පොළිය පවා සදහන් නොකර ගිනි පොලියක් අය කරමින් ණය ගෙවීම අපහසුතාවන විට චරිත ඝාතන බලපෑම් තර්ජනය කිරීම් ආදිය සිදුකරන බවත්, ෆේස්බුක් හරහා තොරතුරු විකෘති කර පවුල් ජීවිත පවා විනාශ වන ආකාරයට මෙම ණය මාෆියාව ක්‍රියාත්මක බවත් විපක්ෂ නායකවරයා සදහන් කළා.

 

Share This