ඔබගේ Gmail ගිණුමත් අක්‍රීය වෙයිද?

ඔබගේ Gmail ගිණුමත් අක්‍රීය වෙයිද?

ලබන මාසයේ දී Gmail ගිණුම් මිලියන ගණනක් අක්‍රීය කිරීමට Google තීරණය කර තිබෙනවා.

නිතිපතා යාවත්කාලීන නොකරන ගිණුම් මෙලෙස අක්‍රීය කිරීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව වසර ගණනාවක සිට අක්‍රීයව පවතින Gmail ගිණුම් යම් අවදානමකට ලක්ව තිබෙන අතර Gmail ගිණුමක් අවම වශයෙන් වසර 2ක්වත් භාවිත කර නොමැති නම් එම ගිණුම් ද අදාළ පියවර යටතේ ඉවත් කිරීම සිදුවනු ඇති.

මේ හේතුවෙන් Google ගිණුමක් සක්‍රීයව තබා ගැනීමට ඇති සරලම ක්‍රමය වන්නේ අවම වශයෙන් වසර දෙකකට වරක්වත් ඒ සඳහා පූරණය වීමයි.

මෑතකදී Google ගිණුමට හෝ එහි සේවාවන් වෙත පූරණ වී ඇති ගිණුම් සක්‍රිය ගිණුම් ලෙස සලකන අතර ඒවා ඉවත් කිරීමක් සිදු නොවන බවයි Google සමාගම විසින් දැනුම් දී ඇත්තේ.

Share This