ඔමික්‍රෝන් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

ඔමික්‍රෝන් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඔමික්‍රෝන් ප්‍රභේදය මෘදු ලෙස විස්තර කිරීමට එරෙහිව අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

පෙර කොවිඩ් ප්‍රභේදයන්ට වඩා ඔමික්‍රෝන් ප්‍රභේදය වැළඳුණු පුද්ගලයින්ට බරපතල සංකූලතා ඇති නොවන බව පැවසුවත් වේගයෙන් පැතිරයාම නිසා ආසාදිතයින් සංඛ්‍යාව සෞඛ්‍ය පද්ධති දැඩි පීඩනයකට ලක් කරන බවයි  WHO ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් පවසන්නේ

එක්සත් ජනපදය පැය 24 තුළ කොවිඩ් රෝගීන් මිලියනයකට වඩා වාර්තා කරනු ලැබුවා

එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය සඳහන් කරන පරිදි  පසුගිය සතියේ ගෝලීය රෝගීන් සංඛ්‍යාව 71% කින් සහ ඇමරිකාවේ 100% කින් වැඩි වී තිබෙනවා.

ලොව පුරා දරුණු රෝගීන් අතර 90% ක් එන්නත් නොකළ බව එහි සඳහන් වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

“ඩෙල්ටා ප්‍රභේදය හා සසඳන විට ඔමික්‍රෝන් ප්‍රභේදය අඩු දරුණු බවක් පෙනෙන්නට තිබුණත්, පෙර ප්‍රභේද මෙන්ම ඔමික්‍රෝන් මිනිසුන් රෝහල්ගත කරන අතර එය මිනිසුන්ගේ ජිවිතයට හානි කරන බවද WHO ප්‍රධානීයා සඳහන් කරනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදය ඉතා ඉක්මනින් බෝවන අතර සම්පූර්ණයෙන්ම එන්නත් කළත් මිනිසුන්ට ආසාදනය විය හැකියි

කෙසේ වෙතත්, එන්නත් තවමත් වැදගත් වන්නේ  ඔබව රෝහල් ගත කළ හැකි දරුණු සංකූලතාවලින් ආරක්ෂා වීමට උපකාරී වන බැවින් යැයි වැඩිදුරටත්  WHO ප්‍රධානීයා සඳහන් කරනවා.

 

Share This