ඔමික්‍රෝන් ව්‍යාප්තිය හමුවේ නිසි ක්‍රියාමාර්ග නොගතහොත් තත්ත්වය දරුණු වෙයි – සෞඛ්‍ය අංශ (වීඩියෝ)
රට තුළට ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්තිය හමුවේ නිසි ක්‍රියාමාර්ග කාලීනව නොගතහොත් රට නැවතත් දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්වනු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.
මේ අතර, ඊයේ (15) දිනයේ තවත් ඔම්ක්‍රෝන් ආසාදිතයින් 160 දෙනෙකු මෙරටින් හඳුනා ගැනුණා.
ඒ අනුව මෙම ආසාදිතයින් 160 දෙනා සමඟමෙරටින් වාර්තා වන කොවිඩ් ඔම්ක්‍රෝන් ප්‍රභේදය ආසාදිතයින්ගෙන් සමස්ත සංඛ්‍යාව 208 දක්වා ඉහළ ගියා.
එලෙස වාර්තා වූ ඔමික්‍රෝන් ආසාදිතයින් දිවයිනේ දිස්ත්‍රික්ක 06 කින් වාර්තා වූ බවයි ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ.
ඔමික්‍රෝන් ප්‍රභේදය රට තුළට ඇතුළුවීම හමුවේ නිසි ක්‍රියාමාර්ග කාලීනව නොගත හොත් රට නැවතත් අර්බුදකාරී තත්ත්වයකට ඇද වැටෙන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යකෂවරයා පවසනවා.