ඔලිම්පික් උළෙලට රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉඩ දිය නොහැකි බවට යුක්‍රේන ජනපතිගෙන් ප්‍රකාශයක්

ඔලිම්පික් උළෙලට රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉඩ දිය නොහැකි බවට යුක්‍රේන ජනපතිගෙන් ප්‍රකාශයක්

2024 වසරේ පැරිසියේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලට රුසියාවට තරග කිරීමට ඉඩ දීම ත්‍රස්තවාදය කෙසේ හෝ පිළිගත හැකි බව මුළු ලෝකයටම පැවසීමට දරන උත්සාහයක් යැයි යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky පවසනවා.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් වෙත තමන් මෙම ප්‍රශ්නය ඉදිරිපත් කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා

මොස්කව් ඔලිම්පික් උළෙල ප්‍රචාරණය සඳහා යොදා ගැනීමට ඉඩ නොතැබිය යුතු බවයි යුක්‍රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ

මේ අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) පවසා ඇත්තේ රුසියානු සහ බෙලාරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් උළෙලේදී මධ්‍යස්ථ ක්‍රීඩකයින් ලෙස තරග කළ හැකි බවයි.

එහෙත් රුසියානු සහ බෙලාරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරග කිරීමට ඉඩ ලබා දෙන්නේ නම් 2024 වසරේ පැරිස් තරග වර්ජනය කරන බවට යුක්‍රේනය සඳහන් කර ඇතැයිද විදෙස් මාධ්‍ය පවසනවා

රුසියානු සහ බෙලාරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, ක්‍රීඩකයින් ලෙස තරග කළ හැකි බවත්, කිසිදු ක්‍රීඩකයෙකුට ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රය නිසා තරග කිරීම වැළැක්විය යුතු නැති බවත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සඳහන් කරනවා.

නමුත් යුක්‍රේන ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ තම රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් යුධ පිටියේ මිය යද්දී ක්‍රීඩාවේ මධ්‍යස්ථභාවයක් තිබිය නොහැකි බවයි.

Share This