ඔලිම්පික් සඳහා ක්‍රිකට්

ඔලිම්පික් සඳහා ක්‍රිකට්

2028 වසරේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක්කිරීමට නිල අනුමැතිය හිමිව තිබෙනවා.

අද රැස්වූ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ඒ සඳහා නිල අනුමැතිය ලබාදී ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ.

ඒ අනුව ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භයෙන් පසුව පළමුවරට ඒ සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක්වීම 2028 වසරේදී සිදුවනු ඇති.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන කාලසීමාව තුළ රූපවාහිනී සහ ඩිජිටල් මාධ්‍යයන් හරහා බිලියන 3කට අධික ප්‍රේක්ෂක පිරිසක් ඒ වටා එක්වී සිටින අතර ඒ සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ද ඇතුලත් වීම තුළ 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා වැඩි ආකර්ෂණයක් හිමිවනු ඇති බව ක්‍රීඩා විචාරකයින් පෙන්වාදී තිබෙනවා.

Share This