ඔස්ට්‍රේලියානු රජයෙන් මෙරට ගුවන් හමුදාවට බීච් ක්‍රාෆ්ට් යානයක්

ඔස්ට්‍රේලියානු රජයෙන් මෙරට ගුවන් හමුදාවට බීච් ක්‍රාෆ්ට් යානයක්

ඔස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාව විසින් භාවිත කරන ලද බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 350 වර්ගයේ නව නිරීක්ෂණ ගුවන් යානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කර තිබෙනවා.

එය ඉදිරියේදී ගුවන් හමුදා අංක 03 සමුද්‍රීය බලඝනයට අනුයුක්තව රාජකාරී ඇරඹීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපයේ සමුද්‍රීය ආවේක්ෂණ හැකියාව වර්ධනය කිරීම සඳහා මෙම බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 350 වර්ගයේ ගුවන් යානය යොදාගන්නා බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කරන්නේ.

මේ තුළින් සමුද්‍රීය දැනුවත් කිරීම්, මිනිස් ජාවාරම් තුරන් කිරීමට අදාළ ක්‍රියාමාර්ග සහ කලාපිය රටවල සහයෝගීතාවය වර්ධනය කරගැනීමසිදුකරන බව සඳහන්.

Share This