ඔස්ට්‍රේලියාවට ලකුණු 282ක ඉලක්කයක්

ඔස්ට්‍රේලියාවට ලකුණු 282ක ඉලක්කයක්

සංචාරක ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන හා අවසන් එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 281ක් රැස්කළා

ඒ අනුව තරගය ජය ගැනීම සදහා ඔස්ට්‍රේලියාවට ලකුණු 282ක් හිමි වනවා

ශ්‍රි ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 101ක් රැස් කළ අතර චරිත් අසලංක නොදැවී ලකුණු 78 ලබා ගත්තා

එමෙන්ම නිශාන් මධුෂ්ක ලකුණු 51ක් හා ජනිත් ලියනගේ නොදැවී ලකුණු 32ක් රැස් කළා

Share This