ඔස්ට්‍රේලියාවේ පාසලක වෙඩි තැබීමකින් 09 ක් මියයයි
වෙඩි තබා ඇත්තේ පාසල් සිසුවෙක්

ඔස්ට්‍රේලියාවේ පාසලක වෙඩි තැබීමකින් 09 ක් මියයයි

ඔස්ට්‍රිලියාවේ ග්‍රාස් හි පාසලක වෙඩි තැබීමකින් පුද්ගලයන් 09 දෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව Graz නගරාධිපති පවසනවා.
Graz නගරාධිපති එජන්සි පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ ගිනිකොනදිග ඔස්ට්‍රියාවේ ග්‍රාස්හි උසස් පාසලක මෙම වෙඩි තැබීම සිදුවී ඇත්තේ රාත්‍රී 10:00 ට පමණ බවයි.
මියගිය පිරිස අතර පාසල් සිසුන් හත් දෙනෙකු සහ වැඩිහිටියෙකු සිටින බව ඒජන්සි පුවත් සේවය පැවසුවා
මියගිය අය අතර තුවක්කුකරුද සිටින බව Graz නගරාධිපතිවරයා පවසයි. ඔහු සිසුවෙකු ලෙස සැලකෙන අතර ඔහු සියදිවි නසා ගන්නට ඇතැයි පොලිසිය පවසයි.
ස්ටයිරියා ප්‍රාන්ත පොලිසිය සමාජ මාධ්‍යවල පළ කරන ලද පණිවිඩයක දැක් වුණේ “පාසල ඉවත් කර සියලුම පුද්ගලයින් ආරක්ෂිත රැස්වීම් ස්ථානයකට ගෙන එන ලද” බවයි.

Share This