ඔස්ට්‍රේලියා වේ සිඩ්නි සහ ඇමරිකාවේ ටෙක්සාස් හි වෙඩි තැබීම්

ඔස්ට්‍රේලියා වේ සිඩ්නි සහ ඇමරිකාවේ ටෙක්සාස් හි වෙඩි තැබීම්

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වීදියක සිදු වූ වෙඩි තැබීමකින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වන බව ද සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙඩි තැබීම සම්බන්ධයෙන් 60 හැවිරිදි පුද්ගල‍යෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අදාළ පුද්ගලයා විසින් වෙඩි ප්‍රහාර 100 කට ආසන්න සංඛ්‍යාවක් එල්ල කර ඇති අතර පොලිස් වාහන ඇතුළු මාර්ගයේ ගමන් කළ වාහන ද ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි ප්‍රහාරයන් එල්ල කර ඇති බව වාර්තා වුණා.

කෙසේවෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ අතර ටෙක්සාස් හි ඇන්ග්ලෙටන් අසල ට්‍රක් රථ නැවතුමකදී ඊයේ මාරාන්තික වෙඩි තැබීමකින් වයස අවුරුදු 4 සහ 13 අතර ළමුන් දෙදෙනෙකු මියගොස් ඇති අතර තවත් දෙදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බව නිලධාරීන් පවසනවා.

ෂෙරිෆ් කාර්යාලයට අනුව, වයස අවුරුදු 8 සහ 9 අතර පසුවන අනෙක් දරුවන් දෙදෙනා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කළ බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් විමර්ශකයින් හේතුව පැහැදිළි කරගෙන නැහැ.

 

Share This