ඕනෑම අභියෝගයක් ජයගත හැකි නායකත්වයක් ලබාදීමට තමන්  සූදානම් බව නිදහස් දින සැමරුම් උළෙල අමතමින් ජනපති කියයි (වීඩියෝ)

ඕනෑම අභියෝගයක් ජයගත හැකි නායකත්වයක් ලබාදීමට තමන් සූදානම් බව නිදහස් දින සැමරුම් උළෙල අමතමින් ජනපති කියයි (වීඩියෝ)

රට මුහුණදෙන ඕනෑම අභියෝගයක් ජයගත හැකි නායකත්වයක් ලබාදීමට තමන් සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අදට යෙදී ඇති 74 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල අමතමින්.

එමෙන්ම කිනම් හේතුවක් නිසාවත් මේ රට තුළ යළි අන්තවාදය හිස එසවීමට ඉඩ නොදෙන බව ​ද ජනාධිපතිවරයා එහිදී අවධාරනය කර සිටියා.

ජනතාව නායකයෙකුගෙන් බලාපොරොතු වන්නේ ප්‍රශ්නවලින් පළායෑම නොවන බවයි ජනාධිපතිවරයා 74 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල අමතමින් වැඩි දුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම රට වෙනුවෙන් නිවැරදි දේ සිදුකිරීම මිස සියලු දෙනා සතුටු කිරීම නොවන බවයි ජනාධිපතිවරයා පවසා සිටියේ.

ජනාධිපතිවරයා සිදුකළ සම්පූර්ණ කතාව පහතින්..

 

 

Share This