ඕනෑම මොහොතක ගුවනින් බෝම්බ හෙලිය හැකියි  – යුක්‍රේනයට අනතුරු ඇඟවීමක්

ඕනෑම මොහොතක ගුවනින් බෝම්බ හෙලිය හැකියි – යුක්‍රේනයට අනතුරු ඇඟවීමක්

යුක්‍රේන අර්බුදයට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සඳහා තවමත් බලාපොරොත්තු වන බව එක්සත් ජනපදයේ  සහ එක්සත් රාජධානියේ නායකයින් පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

දේශසීමාවේ 100,000කට අධික භට පිරිසක් රැදී සිටියද රුසියාව සෑම විටම යුක්රේනය ආක්‍රමණය කිරීමේ සැලසුම් තවමත්  ප්‍රතික්ෂේප කරනවා

මේ අතර යුක්‍රේනයෙන් පිටවන ලෙස රටවල් 12කට වැඩි පිරිසක් තම පුරවැසියන්ගෙන් ඉල්ලා ඇති අතර එක්සත් ජනපදය පවසා ඇත්තේ “ඕනෑම වේලාවක ගුවන් බෝම්බ හෙලීම ආරම්භ කළ හැකි බවයි.

විනාඩි 40ක් පමණ පැවති දුරකථන සංවාදයේදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් කියා සිටියේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා “තීරණාත්මක අවස්ථාවක් ” ඉතිරිව ඇති බවයි

“යුක්‍රේනය තවදුරටත් ආක්‍රමණය කිරීම රුසියාවට දිග්ගැස්සෙන අර්බුදයකට තුඩු දෙන බවත්, රුසියාවට සහ ලෝකයට විශාල හානියක් සිදුවනු ඇති බවත් නායකයින් මෙහිදී අවධාරණය කර ඇති බවයි සඳහන් වන්නේ

එක්සත් රාජධානියේ අගමැති ජොන්සන් මහතා “එක්සත් රාජධානිය උදව් කිරීමට හැකි සෑම දෙයක්ම කිරීමට සූදානම් බව” මෙහිදී ප්‍රකාශ කර ඇති අතර  එයට එක්සත් ජනපද ජනාධිපතිවරයාද ප්‍රතිචාර දක්වා තිබෙනවා.

මේ අතර යුක්‍රේනයේ  ජනාධිපති Volodymyr Zelensky  යුක්‍රේන හමුදාවේ ශක්තිය පිළිබඳව ප්‍රශංසා කරමින් “අපට ප්‍රතිචාර දැක්වීමට යමක් තිබෙනවා . ඒ වගේම අපට විශිෂ්ට හමුදාවක් සිටිනවා . මෙය වසර අටකට පෙර පැවති හමුදාවට වඩා බොහෝ ගුණයකින් ශක්තිමත් හමුදාවක් .”යනුවෙන් පවසා තිබෙනවා

එහෙත් සාකච්ඡා මාර්ගයෙන් සහ රාජ්‍ය තාන්ත්‍රික භාවයෙන් සියලු ගැටලු විසඳා ගැනීමට අවශ්‍ය බවද ඔහු සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

 

Share This