
ඕමන්තේ රිය අනතුරින් දෙදෙනෙක් මරුට
යාපනය – මහනුවර , A-9 මාර්ගයේ ඕමන්තේ ප්‍රදේශයේ ඊයේ (17) පස්වරුවේ සිදු වූ මාරක අනතුරකින් දෙදෙනෙකු මියගොස් 20 දෙනකු පමණ පිරිසක් තුවාල ලබා තිබෙනවා.
මෙම අනතුරට ලක්ව ඇත්තේ විශ්වමඩු ප්‍රදේශයේ පදිංචි ඥාතීන් පිරිසක් වන අතර, ඔවුන් මහනුවර ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය කටයුත්කට සහභාගි වී නැවත සිය නිවෙස්කරා යමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇතැයි පොලීසිය සදහන් කළා.
හැටන් සිට කිලිනොච්චිය, විශ්වමඩු දක්වා පිරිසක් රැගෙන ගිය කැබ් රථයක් සහ යාපනය සිට වව්නියාව දෙසට ගමන් ගත් ලොරි රථයක් එකිනෙකට ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.
අනතුරින් කැබ් රථයේ ගමන් ගත් විශ්වමඩු ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවක් සහ 31 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව් ඇතැයි පොලීසිය පැවසුවා.