ඕමාන් මුහුදේ අනතුරට පත් නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයින් බේරා ගැනෙයි

ඕමාන් මුහුදේ අනතුරට පත් නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයින් බේරා ගැනෙයි

ඕමානයේදී අනතුරට පත් නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයින් ඇතුළු කාර්ය මණ්ඩලයේ 9 දෙනෙකු බේරාගැනීමට ඉන්දීය නාවික හමුදාව සමත්වී තිබෙනවා.

එහිදී ඉන්දීය නාවික හමුදාව වාර්තා කර සිටියේ කාර්ය මණ්ඩලයේ 16 දෙනාගෙන් නව දෙනෙකු ජීවතුන් අතර සිටින බවත්, අනෙකුත් සාමාජිකයින් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරගෙන යන බවයි.

මුදා ගැනීමේ මෙහෙයුම් කටයුතුවලදී මුහුදු ප්‍රදේශයේ ඇති රළු තත්ත්වය සහ තද සුළං හේතුවෙන් අභියෝගාත්මක කාලගුණික තත්ත්වයකට මුහුණ දීමට සිදුවූ බවද ඉන්දීය නාවික හමුදාව නිවේදනය කර ඇති බව සඳහන්.

එහිදී බේරාගත් පුද්ගලයින්ගෙන් අට දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එක් අයෙකු ශ්‍රී ලංකාවෙන් පැමිණි අයෙකු බවයි ඔවුන් වාර්තා කළේ.

අනතුරට පත්වන අවස්ථාවේ යාත්‍රාවේ කාර්ය මණ්ඩලයේ ඉන්දියානුවන් 13 දෙනෙකු සහ ශ්‍රී ලංකාවෙන් තිදෙනෙකු සිට තිබෙනවා.

Share This