ඕස්ට්‍රේලියානු ගායකයෙකු සහ නළුවෙකු වන Johnny Ruffo මියයයි

ඕස්ට්‍රේලියානු ගායකයෙකු සහ නළුවෙකු වන Johnny Ruffo මියයයි

ඕස්ට්‍රේලියානු රූපවාහිනී නළුවෙකු සහ ගායකයෙකු Johnny Ruffo මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියයන විට 35 හැවිරිදි වියෙහි පසු වූ ඔහු මොළයේ පිළිකාවක් නිසා මියගිය බවයි සඳහන් වන්නේ.

Ruffo ඕස්ට්‍රේලියාවේ X Factor රියැලිටි වැඩසටහනෙන් ප්‍රසිද්ධියට පත් වූ අතර පසුව soap Home and Away චිත්‍රපටය හරහා රංගනයට යොමු වුණා.

2017 දී ඔහුට පිළිකාවක් වැළඳී ඇති බව තහවුරු කර ගැනීමෙන් පසු වෘත්තීය ජීවිතය නවතා දැමු බවයි සඳහන් වන්නේ.

වසර දෙකක් ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව ඔහුගේ පිළිකාව සමනය වුවත් 2023 දී නැවතත් රෝග ලක්ෂණ පැමිණි බවයි ඔහුගේ පවුලේ ඥාතීන් කියා සිටියේ.

පසුව Ruffo ඕස්ට්‍රේලියාවේ මොළයේ පිළිකා පිළිබඳ අරමුදල් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා ඔහුගේ සහය ලබාදීමට කටයුතු කළ බවය් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This