ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ පිහි ඇණුමකින් තිදෙනෙකුට තුවාල

ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ පිහි ඇණුමකින් තිදෙනෙකුට තුවාල

කැන්බරා හි පිහිටි ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ සිදු වූ පිහි ඇණුමකින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ අද (18) පස්වරුවේ සිදු වූ පිහි ඇණුමෙන් තුවාල ලැබු තිදෙනා රෝහල් ගත කර ඇති අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි

රෝහල් ගත කළ තිදෙනාගෙන් දෙදෙනෙකුම විශ්ව විද්‍යාල සිසුවියන් බව සඳහන්.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු විශ්ව විද්‍යාල සිසුවෙකු නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

Share This