ඕස්ට්‍රේලියාවට ලැබුණු සුපිරි ජය

ඕස්ට්‍රේලියාවට ලැබුණු සුපිරි ජය

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 36ක ජයක් හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 201ක් රැස් කළා.

අනතුරුව ලකුණු 202ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 165ක් පමණයි.

Share This