ඕස්ට්‍රේලියාවත් චීනයේ සිට පැමිණෙන ගුවන් මගීන්ට නීති දමයි

ඕස්ට්‍රේලියාවත් චීනයේ සිට පැමිණෙන ගුවන් මගීන්ට නීති දමයි

චීන සංචාරකයන් සඳහා කොවිඩ් පරීක්ෂණ සිදුකිරීමට ඕස්ට්‍රේලියාව ද පියවර ගෙන තිබෙනවා.

එය හොංකොං සහ මැකාවෝ සිට පැමිණෙන ගුවන් මගීන්ට අනිවාර්ය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔවුන් මෙම පියවර ගෙන ඇත්තේ චීනයේ මේ වනවිට යළි පැතිර යන කොරෝනා අවදානම සැළකිල්ලට ගනිමින්.

චීනය තුළ වේගයෙන් පැතිරෙන කොවිඩ් වෛරස අවදානම හමුවේ එරටින් පැමිණෙන සංචාරකයන්ගේ කොරෝනා පරීක්ෂණ අනිවාර්ය කිරීමට ඉන්දියාව සහ කැනඩාව ඇමෙරිකාව ඇතුලු රටවල් කිහිපයක් මීට පෙර පියවර ගත්තා.

Share This