ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත තුනකට ගංවතුර -ජනතාවට ඉවත්වන්නැයි දැනුම් දීමක් (VIDEO)

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත තුනකට ගංවතුර -ජනතාවට ඉවත්වන්නැයි දැනුම් දීමක් (VIDEO)

ඕස්ට්‍රේලියාවට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඒ අනුව ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත තුනක ජනතාවට ඉවත් වන ලෙස දැනුම් දී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

අවම වශයෙන් නිවාස 500 ක් ජලයෙන් යටවී ඇති අතර, එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු අතුරුදහන් වී ඇති බවද සඳහන් වනවා

වික්ටෝරියා ප්‍රාන්තය දරුණුතම බලපෑමට ලක්ව ඇති අතර මෙල්බර්න් ප්‍රාන්ත අගනුවර ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙසද නියෝග කර තිබෙනවා

පාසල් වසා දමා ඇති අතර නිවාස සහ ව්‍යාපාර 3,000 කට පමණ විදුලිය විසන්ධි කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This