ඕස්ට්‍රේලියාවේ පැතිර යන මී වසංගතය

ඕස්ට්‍රේලියාවේ පැතිර යන මී වසංගතය

ඕස්ට්‍රේලියාවේ Queensland හි වෙරළ තීරයට මිය ගිය මෙන්ම ජීවතුන් අතර සිටින මීයන් දහස් ගණනක් ගසාගෙන පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඕස්ට්‍රේලියාවේ මාස ගණනාවක් තිස්සේ මීයන් සහ මී වසංගතය සමග පොරබදමින් සිටින බවයි සඳහන් වන්නේ.

දේශීය මීයන් ගහනය වැඩිවීම නිසා ආහාර සොයාගැනීමට වෙරළ දෙසට යාමට සිදු වී ඇති වුවත් මීයන් බොහොමයක් මුහුද දෙසට ගමන් කරන අතරවාරයේම මියයන බවයි එරට මාධ්‍ය පෙන්වා දෙන්නේ.

Normanton ප්‍රදේශයේ පදිංචිකරුවන් පෙන්වා දෙන්නේ මීයන් එක රැයකින් මෝටර් රථ පවා විනාශ කර දමන අතර ඔවුන් සුරතලයට ඇති කරන තාරාවන්ගේ කූඩුවලටද කඩාවදින බවයි.

පසුගිය සති කිහිපය තුළ අසල්වැසි නගරයක් වන Karumba නගරයද මී වසංගතයෙන් පීඩා විඳින අතර ප්‍රදේශවාසීන් පවසන්නේ ඔවුන්ගේ සංචාරක ව්‍යාපාරයට මෙය අහිතකර ලෙස බලපා ඇති බවයි.

Karumba නගරය මසුන් ඇල්ලීමේ සහ කුරුල්ලන් නැරඹීමේ පාරාදීසයක් ලෙස ප්‍රසිද්ධ වී තිබෙනවා.

මී ගහනය වැඩිවීමට හේතු වී ඇත්තේ අභිජනනය සඳහා සුදුසු තෙත් කාලගුණික තත්ත්වය බවයි.

Queensland ප්‍රදේශයට ඉදිරියේදී මීටත් වඩා වැඩි තෙත් කාලගුණයක් අපේක්ෂා කරන අතර එවිට තත්ත්වය මීට වඩා උග්‍ර විය හැකි පරිසර විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

Share This