ඕස්ට්‍රේලියාවේ හමුදාවට විදේශිකයන් බඳවා ගැනීමට අවසර

ඕස්ට්‍රේලියාවේ හමුදාවට විදේශිකයන් බඳවා ගැනීමට අවසර

ඕස්ට්‍රේලියානු ආරක්ෂක බලකාය එංගලන්තය ඇතුළු විදේශ රටවලින් තම හමුදා සඳහා නිලධාරීන් බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.

වර්ධනය වන කලාපීය තර්ජන හමුවේ ඕස්ට්‍රේලියාව තම සන්නද්ධ හමුදා ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් වාර්තා කරන්නේ.

ඒ අනුව ජූලි මාසයේ සිට, ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවන් වන නවසීලන්ත ජාතිකයින්ට ආරක්ෂක බලකාය සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව තිබෙනවා.

පසුව ලබන වසරේ එනම් 2025 වර්ෂයේ සිට එය එක්සත් රාජධානියෙන් සහ එක්සත් ජනපදය, කැනඩාවද ඇතුළුව අනෙකුත් රටවලින් බඳවා ගැනීම් සිදුකිරීම ආරම්භ කරන බව සඳහන්.

ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් පවසන්නේ ඉදිරි දශකය තුළ රටේ ජාතික ආරක්ෂක අභියෝගවලට මුහුණ දීම සඳහා විදෙස් ජාතිකයන් ආරක්ෂක බලකායට බඳවා ගැනීම සඳහා වන සුදුසුකම් අවශ්‍යතා අනුව වෙනස් විය හැකි බවයි.

Share This