ඕස්ට්‍රේලියාව නිකොටින්වලට ඇබ්බැහිවීම වැළැක්වීමට ගත් ක්‍රියාමාර්ග

ඕස්ට්‍රේලියාව නිකොටින්වලට ඇබ්බැහිවීම වැළැක්වීමට ගත් ක්‍රියාමාර්ග

ළමුන් තුළ නිකොටින්වලට ඇබ්බැහිවීම වැළැක්වීමේ උත්සාහයක් ලෙස ඕස්ට්‍රේලියාව ජනවාරි මාසයේ සිට ඉවත දැමිය හැකි දුම් පානය කිරීමට යොදාගන්නා vapes තහනම් කර තිබෙනවා .

එමෙන්ම vapes රට තුළ නිෂ්පාදනය කිරීම, ප්‍රචාරණය කිරීම සහ සැපයීම නැවැත්වීම සඳහා නව නීති ද හඳුන්වා දෙනු ඇති බවයි පැවසෙන්නේ

දුම්පානය නැවැත්වීමේ මාර්ගයක් ලෙස Vaping අලෙවි කර ඇති නමුත් ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ එය නිකොටින් මත යැපෙන නව පරම්පරාවක් නිර්මාණය කර ඇති බවයි.

Vapes හෝ e-cigarettes යනු නිකොටින්, කෘත්‍රීම රසකාරක සහ වෙනත් රසායනික ද්‍රව්‍ය අඩංගු ද්‍රව වලින් පුරවා ඇති කාට්රිජ් ඇති ලිතියම් බැටරි බලයෙන් ක්‍රියාත්මක වන උපාංගයි.

2021 වසරේ සිට ඕනෑම ඕස්ට්‍රේලියානුවෙකුට වෛද්‍ය නිර්දේශයකින් තොරව විද්‍යුත් සිගරට් හෝ නිකොටින් Vapes මිලදී ගැනීම හෝ ආනයනය කිරීම නීති විරෝධී වනවා .

නමුත් එම සීමාවන් නොතකා ඇබ්බැහි වීමේ අනුපාතය අඛණ්ඩව ඉහළ යමින් පවතින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

 

Share This