ඕස්ට්‍රේලියාව වසර ගණනාවකට පසු ප්‍රබලම සුළි කුණාටුවට ගොදුරු වීමට ආසන්නයි

ඕස්ට්‍රේලියාව වසර ගණනාවකට පසු ප්‍රබලම සුළි කුණාටුවට ගොදුරු වීමට ආසන්නයි

බටහිර ඕස්ට්‍රේලියාවේ වෙරළට ඔබ්බෙන් ප්‍රබල සුළි කුණාටුවක් වර්ධනය වෙමින් පවතින බව එරට කාලගුණ විද්‍යා බලධාරීන් පවසනවා.

මෙම සුළි කුණාටුව දශකයකට වැඩි කාලයකට පසු කලාපයට ඇතුළුවන වඩාත්ම විනාශකාරී කුණාටුවලින් එකක් ලෙස සිකුරාදා උදෑසන ගොඩබිමට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඕස්ට්‍රේලියාවේ කාලගුණ විද්‍යා කාර්යාංශය (BOM) සඳහන් කරන්නේ Ilsa සුළි කුණාටුව මගින් යකඩ යපස් අපනයනය සඳහා ප්‍රධාන වරාය කේන්ද්‍රස්ථානයක් වන Port Hedland සහ ප්‍රාන්තයේ විශාලතම ආදිවාසී ප්‍රජාවගේ නිවහන වන Bidyadanga ප්‍රදේශවලට දැඩි බලපෑම් එල්ල වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

අද(13) අලුයම, සුළි කුණාටුව නිරිත දෙසට ගමන් කර ඇති අතර එය ගිණිකොන දෙසට හැරී පැයට කිලෝමීටර් 275 දක්වා අධික සුළං වේගයක් ගෙන එනු ඇතැයි අපේක්ෂා කරන බව එරට කාලගුණ විද්‍යා කාර්යාංශය සඳහන් කරනවා.

ඕස්ට්‍රේලියාව සුළි කුණාටු වර්ගීකරණය කිරීම සඳහා ස්ථර පහක පද්ධතියක් භාවිතා කරන අතර අද උදැසන වනවිට එය 4 වන කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා ශක්තිමත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This