ඕස්ට්‍රේලියානුවන්ට බූස්ටර් මාත්‍රාව අනිවාර්ය කරයි

ඕස්ට්‍රේලියානුවන්ට බූස්ටර් මාත්‍රාව අනිවාර්ය කරයි

ඕස්ට්‍රේලියානුවන්ට පූර්ණ එන්නත ලබාගත් බවට සහතික කිරීමට බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම අවශ්‍යවන බව එරට රජය දැනුම් දෙනවා.

එහෙත් විදේශ සංචාරකයෙකුට එරටට ඇතුළු වීමට එන්නත් දෙකක් පමණක් ලබාගෙන තිබීම ප්‍රමාණවත් බවයි ඕස්ට්‍රේලියානු රජය පවසන්නේ.

බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම ඇතුළුව එන්නත් වර්ග යාවත්කාලීන කිරීම සඳහා එරට එන්නත් උපදේශය කණ්ඩායමේ සංශෝධිත මාර්ගොපදේශයන්ට අනුව රජය මෙම දැනුම්දීම කර ඇති බවයි වාර්තා වන්නේ.

යම් පුද්ගලයෙකු දෙවන මාත්‍රාව මාස 06ක් ඇතුළත බූස්ටර් මාත්‍රාව බලා නොමැති නම් ඔහුගේ එන්නත් තත්ත්වය ප්‍රමාද ලෙස සලකනු බවයි ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිස් පවසන්නේ.

Share This