ඕස්ට්‍රේලියාවේදී මෝරෙක් විසින් මරා දැමූ පුද්ගලයා හඳුනා ගැනේ (UPDATE)

ඕස්ට්‍රේලියාවේදී මෝරෙක් විසින් මරා දැමූ පුද්ගලයා හඳුනා ගැනේ (UPDATE)

ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි සුදු මෝරෙක් විසින් මරා දැමූ පුද්ගලයා සයිමන් නෙලිස්ට් නැමති බ්‍රිතාන්‍ය ජාතිකයෙක් බවට හඳුනාගෙන තිබෙනවා.

සයිමන් නෙලිස්ට් මියගිය බව ඔහුගේ මිතුරෙකු විසින් තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

මොහු 35 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙක්

නමුත් ඝාතනයට ලක්වූ පුද්ගලයා එරට පොලිසිය විසින් මෙතෙක් නිල වශයෙන් හඳුනාගෙන නොමැති අතර ඔහුගේ පවුලේ අයද  කිසිවක් ප්‍රකාශ කර නොමැති බවයි පැවසෙන්නේ

……………………………………………….

ඕස්ට්‍රේලියාවේ පිහිනමින් සිටි පුද්ගලයෙක් මරා දැමූ මෝරෙක් සොයා මෙහෙයුම් (VIDEO)

 Feb 17, 2022 at 13:19

ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි  පිහිනමින් සිටි පුද්ගලයෙක් මරා දැමූ සුදු මෝරෙක් සොයා ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් මෙහෙයුම් දියත් කර තිබෙනවා.

මෙවැනි සිදුවීමක් සිදුව ඇත්තේ වසර 59කට පසුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බදාදා(16) සිදුවූ මෙම  ප්‍රහාරයෙන් පසු පිහිනන අයට  එම ජල ප්‍රදේශ තහනම් කිරීමත් සමග නගරයේ බොහෝ වෙරළ තීරයන් වසා දමා තිබෙනවා.

මියගිය පිරිමි පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි  නිලධාරීන් පවසන්නේ

මුහුදු ජලයේ ඔහු පිහිනමින් සිටින විට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්

ජීවිතාරක්ෂකයින් මෝරා සොයා ගැනීම සඳහා නගරයේ නැගෙනහිර බොන්ඩි සිට දකුණේ ක්‍රොනුල්ලා දක්වා කිලෝමීටර් 25 (සැතපුම් 15.5) ක දුරක් සංචාරය කර තිබෙනවා.

එමෙන්ම  හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන යානා ද භාවිතා කරමින් මෙහෙයුම් සිදු කරනවා.

Share This