
ඖෂධ හිඟය කඩිනමින් විසදීමට සැලසුම් (VIDEO)
ඖෂධ නිෂ්පාදනය කරන සහ ආනයනය කරනු ලබන සමාගම් අදාළ ඉලක්ක සම්පූර්ණ කිරීමට අසමත් වන්නේ නම් රාජ්‍යයන් හා රාජ්‍යයන් අතර ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලියකට යාමට සිදුවන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා
පවතින ඖෂධ හිඟයට ලබා දිය හැකි සාධාරණ පිළිතුර මෙය බවයි අරලියගහ මන්දිරයේදී අද (24) පැවැති හෙද පත්වීම් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ
මෙහිදී නවක හෙද නිලධාරීන් 3,147 දෙනෙකුට පත්වීම් ලබා දීම සහ හෙද සේවයේ විශේෂ ශ්‍රේණිය සඳහා 83 දෙනෙකුට උසස්වීම් පිරිනැමීමද සිදු කෙරුණා