ඖෂධ හිඟය සිරියාවත් වෙලා ගනී – භූ කම්පනයෙන් විපතට පත්වූවන්ගේ දුක්බර ඉරණම

ඖෂධ හිඟය සිරියාවත් වෙලා ගනී – භූ කම්පනයෙන් විපතට පත්වූවන්ගේ දුක්බර ඉරණම

භූමි කම්පාවෙන් විපතට පත්වූ සිරියානු ජනතාවට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධ සහ පහසුකම් ප්‍රමාණවත් නොවන බවට එරට වෛද්‍යවරුන් සඳහන් කරනවා.

සිරියානු වෛද්‍වරයෙක් වන ඊබ්‍රාහිම් විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ සුන්බුන් අතරින් තවමත් සොයාගන්නා තුවාල ලැබූ බොහෝ දෙනෙකුට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ඖෂධ ප්‍රමාණවත් නොවන බවයි.

එමෙන්ම අනෙකුත් වෛද්‍ය සැපයුම්, ඇඳන් සහ බ්ලැන්කට්හි උග්‍ර හිඟයක් පවතින බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

මේ අතර එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවලින් ආධාර රැගත් ලොරි රථ 58ක් පමණ තුර්කියේ සිට ඉඩ්ලිබ් පළාතේ බාබ් අල්-හවා හරහා සිරියාවට මේ වනවිට පැමිණ ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Share This